මුලතිව් හි ඉදිවන නව අධිකරණ සංකීර්ණයේ වැඩ 75%ක් අවසන් ව‌ෙයි

Share

උතුරු සංවර්ධන වැඩසටහන් යටතේ අධිකරණ අමාත්‍යාංශයට අයත් මුලතිව් නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 355.6ක් වෙන් කොට ඉදිකිරීම් කඩිනමින් සිදුවෙමින් පවති.

පැවති අධිකරණ ගොඩනැගිල්ල වෙනුවට අළුතින් ඉදිවන මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් මේ වන විට 75%ක් පමණ අවසන් වී ඇති බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදීස්වරන් මහත්මිය පවසයි.

සම්පූර්ණ ඉදිකරීම් ලබන වසරේ අගදී අවසන් කිරීමට නියමිතව තිබේ. උතුරු සංවර්ධන වැඩසටහන් සංග්‍රාමයේ එක් වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාවට නංවා තිබේ.

අධිකරණ කටයුතු පහසු කිරීමත් දියුණුවත් අපේක්ෂා කරමින් නව අධිකරණ සංකීර්ණය ඉදිකෙරේ.

Read more

Local News