නාලක ද සිල්වා රජයේ රස පරික්ෂකවරයා හමුවට

Share

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (28) රජයේ රස පරික්ෂකවරයා හමුවේ පෙනී සිටීමට නියමිතයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබා දී ඇති නියෝගයකට අනුව ඔහු රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බව වාර්තා වෙයි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අදාළව ඇති දුරකතන සංවාද පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

Read more

Local News