මාර්ග අනතුරු අවම කිරීමට නම් යල්පැනගිය නීති වෙනුවට නව නීති රාමු සකස්කර ක්‍රියාත්මක කළ යුතුයි

Share

මාර්ග අනතුරු අවම කිරීමට නම් යල්පැනගිය නීති වෙනුවට නව නීති රාමු සකස්කර ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (01) පෙරවරුවේදි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති හඳුනා නොගත් වාහනවලින් අනතුරට පත් වූවන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රධානය කිරිමේ අවස්ථාවකදීය.

මෙහිදී මරණයට පත්වුවන් 06 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත රුපියල් දෙලක්ෂය බැගින් රු. ලක්ෂ 12ක මුදලක් පිරිනමන ලදි. තුවාල සිදු වුවන් 06 දෙනෙකු වෙනුවෙන් රු ලක්ෂය බැගින් රු. ලක්ෂ 06කද මෙහිදී ඔවුන් වෙත පිරි නැමිණ.

මෙම අවස්ථාවේදි අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ, ‘‘මෙම අනතුරුවලට ප්‍රධානම හේතුවක් වි ඇත්තේ යල්පැන ගිය නීති පද්ධතිය හා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බවයි. විශේෂයෙන් මාර්ග අනතුරු අවම කිරිමට නම් නීතිය දැඩි කළ යුතු බවත්, වැඩි වශයෙන් අනතුරු සිදුවන ස්ථාන හදුනාගෙන සී.සී.ටී.වී.කැමරා සවිකර ගෙන අනතුරු සිදුවන ආකාරය හා අනතුරු සිදුකර පලායන රියදුරන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව තමාගේ අදහස බවද, අමාත්‍යවරයා අවධාරණය කළේ ය

Read more

Local News