තලවාකැලේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 300ක් ඉවත් ක‌ෙ‌රේ

Share

තලවාකැලේ වතු නිවාස පේළියකට ඉහළින් පිහිටි විශාල කන්දක් නායයෑමේ අවදානමක් හේතුවෙන් වතු කම්කරු පවුල් 300 ක සාමාජිකයින් 1000 කට ආසන්න පිරිසක් අද (03) අළුයම 2.00ට පමණ ඉවත් කර තිබේ.

තලවාකැලේ ග්‍රේට් වෙස්ටන් තේ වතුයායේ, ලූසා කොටසේ වතු නිවාස පේළියකට ඉහළින් පිහිටි විශාල කන්දක් ඊයේ (02) රාත්‍රී අධික වර්ෂාවත් සමඟ නාය යෑමේ අවධානමක් මතුව ඇත.

මේ හේතුවෙන් එම නිවාසවල පදිංචි පවුල් 300 ක සාමාජිකයින් 1000 කට ආසන්න පිරිසක් අවතැන්ව සිටිති.

Read more

Local News