20න් පහළ අන්තර් පාසල් බේස් බෝල් තරඟාවලිය ‌මේ මස 10 සිට

Share

ප්‍රථම වරට වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස් බෝල් තරඟාවලියක් ඔක්තොම්බර් මස 10 වෙනිදා සිට 14 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පාසල් බේස් බෝල් සංගමය සහ ‍කොළඹ නාලන්දා විද්‍යාලයිය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පවසයි.

මෙම තරඟාවලිය ක්‍රීඩාංගන 3ක පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත. සමාරම්භක උළෙල දියගම පිහිටි ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර සෙසු තරඟ කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේ සහ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයන්හිදී පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් 15ක ක්‍රීඩකයන් 345ක් ඇතුළු සමස්ථ නිළධාරීන් 450ක් පමණ මෙම තරඟාවලියට එක් වීමට නියමිතය.

Read more

Local News