යතුරුපැදියක් හා ලොරි රථයක් ගැටී අනතුරක් – පොලිස් සැරයන්වරයෙකු මරුට

Share

හිදෝගම, කිරිමැටියාව හන්දියේදී අද (03දා) උදෑසන යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව හිදෝගම පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ හිදෝගම පොලීසියට අනුයුක්තව උතුරු මැද පළාත් දිසා විශේෂ වැටලීම් ඒකකයේ සේවයේ නිරතව සිටි, අවුරුදු 52ක් වයසැති පුද්ගලය‌ෙකි.

පොලීසිය සඳහන් කළ‌ේ, ලොරි රථ රියදුරුට රථය පාලනය කරගත නොහැකිව යතුරුපැදියේ ගැටී ඇළ මාර්ගයක් අසල නරත වී ඇති බවයි.

ලොරි රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News