ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත ක‌ෙ‌රේ

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබේ.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ කොත්මලාඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇති නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස විදුලි බලාගාර ඉන්ජිනේරුවන් ඉල්ලා සිටියි.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ සෙන්ක්ලෙයාර් ඇල්ලේද ජල මට්ටම වැඩි වි ඇත.

Read more

Local News