රටේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබදව ජාතික ආර්ථීක සභාව සාකච්ඡා කෙරේ

Share

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඇතුළු විද්වතුන්ගේද සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථීක සභාව රැස්විය.

ලංකාවේ වර්තමාන ආර්ථීක තත්ත්වය පිළිබද විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම මෙහිදී සිදුවූ අතර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක සභාපතිවරු ඇතුළු නියෝජිතයින්ද මීට එක්ව සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ සියලූ ප්‍රධාන වාණිජ මණ්ඩලවල ප්‍රධානින්ද, මහබැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු නියෝජිතයින්ද මීට එක්ව සිටියහ.

ලංකාවේ අපනයන කේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය.

රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සදහා දැනට මහබැංකුව ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කෙරිණි.

පියල අවප්‍රමාණය වීමට බලපා ඇත්තේ රටින් පිට බාහිර සාධක බවත්, ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුථ රටවල් රැසක්ද මෙම තත්ත්වයට මුහුණදී ඇති බවත් මෙහිදී මහ බැංකුව පෙන්වා දෙනු ලැබීය.

අපනයනය ප්‍රවර්ධනය කර ගැනීමට ලබාදිය හැකි ප්‍රතිලාභ සහ අවස්ථා පිළිබඳවද මෙහිදී ජාතික ආර්ථීක සභාව දැනුවත් කෙරිණි. බදු ප්‍රතිපත්තිය පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

Read more

Local News