වැඩිහිටියන් දහසක් සඳහා සෞඛ්‍ය සායනයක් හ‌ෙට නුවරඑළි‌යේ දී

Share

නුවරඑළිය දිස්ත්‍රික් ලෝක වැඩිහිටි දින සැමරුම් උත්සවය සහ වැඩිහිටියන් දහසක් සඳහා පැවැත්වෙන සෞඛ්‍ය සායනයක් හ‌ෙට (05) නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උළෙල පැවැත්වෙයි.

නුවරඑළිය නගරයේ සිට උදැසන 9.00 ට පාගමනතින් සිනිසිටා නගර ශාලාව වෙත ගොස් උත්සවය පැවැත්වීමට නියමිත අතර එයිදි වැඩිහිටි සමිති මගින් සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමටද නියමිතය.

උත්සව අවස්ථාවෙන් පසු වැඩිහිටියන් දහසක් සඳහා සෞඛ්‍ය සායනයක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බව දිස්ත්‍රික් සමාජ සේවා අංශය පැවැසීය.

Read more

Local News