උතුරු-නැගෙනහිර නීත්‍යානුකූල ඉඩම් දෙසැම්බර් 31ට පෙර නිදහස් කර යුතුයි

Share

උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් අනිවාර්යයෙන්ම එම ජනතාවට ලබාදිය යුතු අතර,
සියලූ ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන්
කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය තුන්වන වරටත් ඊයේ (03) පස්වරුවේ රැස් වු අවස්ථාවේදිය.

විධිමත් කාල රාමුවක් සකසා ගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත් කරන ලෙසත්, එහි ප‍්‍රගතිය ලබන මස පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසත් ජනපතිවරයා උපදෙස් දුන්නේය.

Read more

Local News