වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ගත හැකි විසඳුම් යෝජනා ඉල්ලිමක්

Share

වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලා තිබේ.

එම තොරතුරු 011-2872094 දුරකථන අංකයට ෆැක්ස් පණිවිඩ මඟින් ලබා දිය හැක.

වනසතුන්ගෙන් වන වගා හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කර තිබෙන සහ ඇතැම් පිරිස් විසින් යෝජනා කරන ලද සියලු උපක්‍රම අසාර්ථක වී තිබේ.

එම නිසා මෙම ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා ගොවීන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් ද අදහස් හා යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read more

Local News