ජාතික විද්‍යා පදනමේ 50 වන සංවත්සර උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

ජාතික විද්‍යා පදනමේ 50 වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

දිවයින පුරා රාජ්‍ය, පෞද්ගලික, කර්මාන්ත යන ක්ෂේත‍්‍ර සඳහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ දැනුම බෙදාහරිමින් ඉතා සුවිශේෂී සේවාවක් ඉටු කරන ජාතික විද්‍යා පදනම විද්‍යාඥයන්, අධ්‍යපනවේදීන්, උපාධිධාරින් සහ පාසල් සිසුන් අතර ද දේශීය මෙන් ම අන්තර්ජාතික වශයෙන් සිදු කරන විද්‍යාත්මක පර්යේෂණ හා සොයාගැනිම් පිළිබඳ දැනුම බෙදා හැරීමේ සාර්ථක පෙරගමන්කරුවකු ලෙස කටයුතු කරමින් සිටියි.

ජාතික විද්‍යා පදනමට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහි දී සිදු විය.

විද්‍යා හා පර්යේෂණ ක්ෂේත‍්‍රයේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ මහාචාර්යවරුන් දෙදෙනෙකු වන මහාචාර්ය සී.බී.දිසානායක, මහාචාර්ය ආර්.ඒ.කේ.එල්.දිසානායක යන මහත්වරු මෙහි දී ජනාධිපතිතුමා අතින් යාවජීව සම්මානයෙන් පිදුම් ලැබූහ.

Read more

Local News