සිසුන්ට පීඩනයක් ඇති නොවන පරිදි ප්‍රායෝගිකත්වයට වැඩි අවස්ථාවක් – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්

Share

සිසුන්ට පීඩනයක් ඇති නොවන පරිදි ප්‍රායෝගිකත්වයට වැඩි අවස්ථා ලබාදීමටත් එහිදී විෂය අන්තර්ගතය තුළ ඇති අනවශ්‍ය කොටස් ඉවත් කර අනාගත ලෝකයට උචිත පරිදි විෂයමාලාව යාවත්කාලීන කිරීමටත් අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා පැවති ”ළඟම පාසල හොඳම පාසල ” වැඩසටහන යටතේ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහ විදුහලේ සහ මීපාවල අමරසූරිය මධ්‍ය මහා විදුහලේ ඉදිකරන ලද ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සවවල එක්වෙමිනි.

තවද ඉදිරියේ දී අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සිසුන් පෙනී සිටිය යුතු විෂයන් සංඛ්‍යාව අඩු කිරීම, විෂයමාලා යාවත්කාලීන කිරීම, විෂය අන්තර්ගතයන් සංශෝධනය ඇතුළු හඳුනාගත් අත්‍යවශ්‍ය සංශෝධන අධ්‍යාපන මනෝ විද්‍යාඥයින්, අධ්‍යාපනඥයින් ඇතුළු විෂය ප්‍රවීණයන්ගේ උපදෙස් සහ ජාත්‍යන්තර ප්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් මේ වන විටත් සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News