පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීමට හමුදා සහාය

Share

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් ඊයේ (07) දින අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ උපදෙස් මත 14 වන සේනාංකයේ භට පිරිස් ඉරු දින ඊයේ අළුයම 3.00 ට පමණ අධික වැසි සහිත තත්වය හේතුවෙන් හදිසියේ ඇතිවූ ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසෙන මාර්ගය දෙපස වැලි පිරවූ බෑග් තැන්පත් කරමින් එම පරිශ්‍රයට පිසෙන මාර්ගයට ජලය ගලා යාම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය. තවද, ඒ සදහා යුද්ධ හමුදා සාමාජිකයින් 63 ගෙන් යුත් පිරිසක් සහභාගී වනු ලැබීය.

මේ අතර, ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ 8 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ 61 වන සැතපුම් කණුව පිහිටා ඇති ස්ථානයේ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට අවහිර සිදු වීම හේතුවෙන් එය ඉවත් කිරීම සඳහා 8 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 27 ගෙන් යුත් භට පිරිසක් සහභාගී වූ අතර, පැය කිහිපයක් තුළ ඔවුන් එම ප්‍රදේශයේ ඇතිව තිබු ගමනාගමන දුෂ්කරතා මගහරවාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

Read more

Local News