දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේදි තවදුරටත් වැඩිවීමක්

Share

දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට (09) දිනයේදි තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (08) නිකුත් කළ නි‌වේදනයේ දැක්ව‌ෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුවවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව‌ෙයි.

නැගෙනහිර, දකුණ, මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තදවැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News