බ්‍රසීල මැතිවරණයේ පළමු වටයේ ජය බොල්සොනාරෝට

Share

බ්‍රසීල ජනාධිපතිරණයට ඉදිරිපත්ව සිටින අන්ත දක්ෂිණාංගික අපේක්ෂක ජෙයිර් බොල්සොනාරෝ 46%ක් ලබා ගනිමින් මැතිවරණයේ පළමු වටය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙවර ඡන්ද භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබු පිරිස මිලියන 150කි.
රට තුළ ඉහළ ගොස් ඇති අපරාධ රැල්ල මුලින් උපුටා දැමීම පෙරොන්දුව සමග ජෙයිර් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබුණි.
ඊයේ පැවති මැතිවරණයෙන් කිසිඳු අපේක්ෂකයෙකුට 50%ක ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකිවිය. මේ හේතුවෙන් දෙවැනි වටයේ ඡන්ද විමසීම ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read more

Local News