ජනපති සීෂෙල්ස් ජාතික රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක්ව‌ෙයි

Share

සීෂෙල්ස් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සීෂේල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (08) පස්වරුවේ සීෂෙල්ස් ජාතික රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
සීෂෙල්ස් හි සෞඛ්‍ය සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහය ලබාදීම සිදු කෙරෙන අතර එම කටයුතු පිළිබඳව ද  ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.
රෝහල වෙත වෛද්‍ය උපකරණ සහ ඖෂධ පරිත්‍යාගයක්  සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

Read more

Local News