2020 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට

Share

වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලුත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

පේරාදෙනිය ශික්ෂණ රෝහල ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කිරීමේ උත්සවයට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පේරාදෙනිය ශික්ෂණ රෝහලේ අලුතින් ඉදි කරන ලද රුධිර රෝග සායන සහ දිවා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

Read more

Local News