ගෝඨාභයට එ‌රෙහි නඩුව දෙසැම්බර් 4 වන දා සිට අඛණ්ඩව විභාගයට

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එ‌රෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 04 වන දින සිට අඛණ්ඩව දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) නියොග කර තිබේ.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එ‌රෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

එම නඩුවට පෙනී සිටීම සඳහා අද උදෑසන හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට පැමිණ සිටි අතර, ඉන් අනතුරුවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව නිකුත් කළේ.

Read more

Local News