ආරක්ෂක රාජ්‍ය ඇමති සහ තායිලන්ත නියෝජ්‍ය අගමැති අතර විශේෂ හමුවක්

Share

තායිලන්ත රජයේ ආරාධනාවක් මත එරට විශේෂ සංචාරයක නිරත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් ප්‍රවිට් වොන්ග්ෂුවොන් මහතා (Hon. General Prawit
Wongsuwon) සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) තායිලන්ත ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, මෙහිදී සිය ආරාධනාව පිළිගෙන තම රටට පැමිණීම පිළිබඳ සිය කෘතඥතාව පලකළ‌ේය.

දෙරට අතර දීර්ඝ කාලයක සිට පවතින ආගමික සහ දේශපාලනික සබඳතාවයන් ඇතුළු ආරක්ෂක සහයෝගීතාව ඉදිරියටත් වර්ධනය කිරීමට අදාල වැදගත් කරුණු පිළිබඳ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරි කාලය තුල ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අදාල වන විශේෂ වැඩසටහන් කෙරෙහි අවධානය යොමුකිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව පැවසීය.

Read more

Local News