ටිපර් මාරයා තුනක් බිලිගනී

Share

දෙහිඅත්තකණ්ඩ්ය උත්තලපුර ප්‍රදේශයේදි සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස්  අැත.

ටිපර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක් ගැටිමෙන් මෙම අනතුර සිදුවි තිබේ.

අනතුරින් යතුරු පැදියේ ගමන් කළ එකම පවුලේ පියා, මව සහ දරුවන් තිදෙනා තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට අැතුලත් කර තිබේ.

අනතුරුව බරපතළ තත්ත්වයේ සිට් පියා සහ පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් අැති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් අැත්තේ 35 හැවිරිදි පියා සහ 14 හැවිරිදි පිරිම් දරුවන් දෙදෙනෙකු වන අතර අනතුරින් තුවාල ලබා සිටින මව සහ අනෙක් පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පෙළොන්නරුව රෝහලට මාරුකර යවා තිබේ.

අනතුර සමිබන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අැත.

 

Read more

Local News