පාසල් නිල ඇඳුම් වව්චර් ක්‍රමයේ වෙනසක් නෑ

Share

පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

ඇතැම් කණ්ඩායම් ‍මේ වසරේ දී පාසල් සිසුන්ට වවුචර් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදෙන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනතාව වෙනුවෙන් රජය වෙන් කරන ප්‍රතිලාභ ක්ෂයවීමකින් තොරව ජනතාව අතට ම පත්කළ හැකි සහනාධාර ලබාදීමේ ප්‍රශස්තතම ක්‍රමවේදය ලෙස මේ වනවිට වවුචර් ක්‍රමය ලෝකයේ පිළිගැනීමට ලක් ව ඇති බව ද පවසන අමාත්‍යවරයා, නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම ආරම්භ කළ දා පටන් ඇතැම් කණ්ඩායම් ඊට එරෙහි ව විවිධ පදනම් විරහිත ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දැරුව ද, මේ වන විට සමස්ත පාසල් ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදයකින් පසුවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Read more

Local News