රැකියා උත්පාදනය කරමින් ආර්ථික ගැටළු අවම කිරීමට විශේෂ ව්‍යාපෘතියක්

Share

රැකියා උත්පාදනය කරමින් ආර්ථික ගැටළු අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය වසරකට කෝටි 5000ක් වෙන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

2019 වසරේ සිට 2021 වසර දක්වා එළඹෙන වසර තුනක කාල සිමාව ඉලක්ක ගනිමින් එක වසරකට කෝටි 5000ක් වෙන්වන පරිදි වසර තුන සඳහා කෝටි 15000ක ආයෝජනය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ජාතික ආර්ථික සභාව මඟින් යෝජිත මෙම විශේෂ ව්‍යාපෘතිය සියලු දිස්ත්‍රික් සහ මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read more

Local News