තෙබුවන පොලිස් සැරයන් යළි රාජකාරියට

Share

පසුගියදා තෙබුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා නැවත සේවයේ පිහිටුවා තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඊයේ(16) පස්වරුවේ අදාළ පොලිස් නිලධාරියා යළි සේවයේ පිහිටුවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ මහතා ඊයේ දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ඒ මහතා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා ඒ මහතා වෙත රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබීය.

Read more

Local News