ගෝඨාගේ පෙත්සම නොවැම්බර් 2

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් වසරේ ඉදිරිපත් කළ පෙත්සම නැවත නොවැම්බර් මස 02  වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

ඉකුත් පාලන සමයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් කරනු ලැබු ඉල්ලිම සඳහාය.

එම පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිය.

Read more

Local News