මහඉලුප්පල්ලම බීජ ගොවිපල කිසිදු විදේශ සමාගමකට පවරා දී නෑ

Share

මහඉලුප්පල්ලම බීජ ගොවිපලෙන් අක්කර 300ක් වසර 50ක කාලයකට විදේශ සමාගමකට ලබාදීමට සැලසුම් කර නැති බවත් බීජ ගොවිපල කිසිදු පවරා දීමක් සිදු කර නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
බිත්තර වී නිෂ්පාදනය සඳහා කිසිදු විදේශ සමාගමකට අනුමැතියක් ලබාදි නැති අතර මෙය එළවළු බීජ වගාවට අදාළ කරුණකි.කිසිදු බීජ අතිරික්තයක් නොමැති අතර සියලුම දෙමුහුම් එළවළු බීජවර්ග ආනයනය කෙරේ. මහඉලුප්පල්ලම බීජ ගොවිපලෙන් අක්කර 300ක් වසර 50ක කාලයකට විදේශ සමාගමකට ලබාදීමට සැලසුම් කර නැති බවද අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් පැවසී ය.
අපි මේ වනවිට දෙමුහුම් බීජ ලබාගැනීම සඳහා බිලියන 1400ක් වියදම් කරනවා. ආනයනය කිරීම සඳහා වියදම් කරන මුදල, රට තුළ ඉතිරි කිරීම සඳහා අපේ ගොවි මහතුන් සමඟ හයිබ්‍රිඩ් බීජ නිෂ්පාදනය කරන්නට අපි උත්සහ ගන්නවා.මේ ප්‍රශ්නවලට දේශපාලන මුහුණුවරක් දෙන්න එපා. ගිවිසුම අත්සන් කළ වෙලාවේ, මුහඉලුප්පලම අක්කර 300ක් දුන්නා කියලා, ප්‍රවෘත්ති ගියේ. යහපත් දෙයට උදව් කරන්න ශක්තිය ලබාදෙන්න. මේ රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවන්න ලාබාලම කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස බොහොම කැමැත්තෙන් සිටින බවද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News