මන්නාරමේ ඇටසැකිලි අමෙරිකාවට යයි

Share

පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් අද (17) උදෑසන වන විට සිරුරු කොටස් 185 ක් හමුවී ඇති බවටත් හමුවූ සිරුරුවල කාල නිර්ණය වෙනුවෙන් විශේෂ පරීක්ෂණයකට අමෙරිකාවට යැවීමට අධිකරණ නියෝගය ලැබී ඇති බවට කැණීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශාම්න්ද රාජපක්ෂ මහතා පැවසීය.

තවද මන්නාරම්, සමූහ මිනිස් වලේ කැණීම් කටයුතු අද වන විට 89 වැනි දිනට සිදු කෙරෙන අතර ගොඩ ගත් සිරුරු 185 න් සම්පූර්ණ සිරුරු 179 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනි දා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වනු ලැබීණි.

මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්, මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ සිදු කෙරිණි.

Read more

Local News