Tuesday, March 19, 2024.

සංචාරය නිමාකර අගමැති යළි දිවයිනට

Share

ඉන්දියාවේ තෙදින නිල සංචාරය නිම කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (20) නැවත දිවයිනට පැමිණ ඇත.

මෙම පිරිස ඊයේ රාත්‍රී ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඉන්දීය සංචාරය තුළ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වු අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමඟ ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීය.

Read more

Local News