ලී කැටයම් හා අත්කම් භාණ්ඩ ගෙන්වීම තහනම්

Share

විදේශ රටවලින් මෙරටට ගෙන්වන ලී කැටයම් හා අත්කම් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යයංශය මගින් සංවිධානය කර තිබූ හස්ත කර්මාන්ත ගම්මානයට නව යුගයක් උදා කිරීමේ වැඩසටහන යටතේ ජාතික ශිල්ප සභාව මඟින් සිගිරිය ඇහැලගල  ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ගම්මානය විවෘත කොට එහි කර්මාන්ත ශිල්පීන් හට උපකරණ බෙදාදීමේ වැඩසටහන ඊයේ (21) සීගිරිය ප්‍රදේශයේ දී එක්වෙමිනි.

Read more

Local News