ගාලු කථිකාව ජනපති ප‍්‍රධානත්වයෙන් අැරඹේ

Share

ගාලු කථිකාව – 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ කොළඹ දී ආරම්භ කෙරිණි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්ව නමවන වරටත් සංවිධානය කළ මෙම සම්මන්ත‍්‍රණය සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධවීම (Synergizing for collaborative maritime management) යන තේමාව යටතේ අද සහ හෙට (23) කොළඹ දී පැවැත්වෙයි.

රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක දෙස් විදෙස් විද්වතුන් රැසක් මීට එක්ව සිටින අතර, කලාපීය මෙන්ම කලාපීය නොවන නාවික හමුදාවන් සහ වෙනත් ආරක්ෂක සහ සාගරික සංවිධානවල වෘත්තිකයින්ට සිය අදහස් හුවමාරු කරගත හැකි වේදිකාවක් මෙම සම්මන්ත‍්‍රණය මඟින් සැපයේ.

Read more

Local News