මොන කුමන්ත්‍රණ ආවත් මුළු රටටම ”සුවසැරිය” දෙන බව හර්ෂ කියයි

Share

සුවසැරිය ගිලන් රථ සේවය දේශපාලන පක්ෂ පාට, ජාති, ආගම් බේදයකින් තොරව මෙරට සියළුම ජනතාවට සේවය සැලසීම සඳහා කැපවී තිබෙන බවත් මේ වසර අවසන් විට මෙම උතුම් සේවාව දිවයින පුරාම ව්‍යාප්ත කර අවසන් කරන බව සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ආමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවැසුවේ සුව සැරිය ගියලන් රථ සේවය වයඹ පළාතේ දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

1990 සුවසැරිය ගිලන් රථ සේවය මේ වනවිට දකුණ, බස්නාහිර, උතුර, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වල ක්‍රියාත්මක කර තිබෙන අතර මේ වනවිට මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

”දේශපාලන බේදයකින් තොරව මේ වැඩේ කරන්න ලැබීම අපි සලකන්නේ පිනක් විදිහටයි. මේ ගිලන් රථයක ඇතුළත බලන්න. ක්ෂුද්‍ර රෝහලක් වගෙයි. සියළුම පහසුකම් තියනවා. අපි මේක හඳුන්වා දෙනකොට ඇතැම් පිරිස් අපිට චෝදනා කළේ හර්ෂ ද
සිල්වාගේ ගිලන් රථවල නගින්න එපා. කරන්ට් වැදිල මැරේවි කියල. අපිට අද ඒ ගැන තරහක් නෑ. අද සත්‍ය හැමෝටම අවබෝධවෙලා තිබෙනවා.”
යනුවෙන් කුලියාපිටිය නගරයේ පැවති උත්සව
අවස්ථාවට සහභාගී වෙමින් ඇමැතිවරයා පැවැසීය.

මෙම සේවාව ආරම්භ කළ 2016 ජූලි 29 වැනිදා සිට මේ දක්වා 103,955 දෙනෙකු රෝහල් ගතකර තිබෙන අතර රෝගියෙකු රෝහල් ගත කිරීම සඳහා වැයකර තිබෙන්නේ විනාඩි 12 කුත් තත්ත්පර 54 ක සාමාන්‍ය කාලයකි.

Read more

Local News