මෛත්‍රීට නඩු වැටෙයි

Share

තම කීර්තිනාමයට සහ තමාට සිදුකළ මානසික හිංසනය වෙනුවෙන්  රුපියල් මිලියන 500ක වන්දියක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්  මෛත්‍රි ගුණරත්න මහතාගෙන් සහ පුද්ගලික සමාගමකින් අයකර දෙන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රි ගුණරත්න සහ එම පුද්ගලික සමාගම නම් කර ඇත.

ඒ ඉකුත් ජුනි මස 09  වනදා පෙරවරු 6.30 ට පෞද්ගලික ගුවන්විදුලියක් ඔස්සේ වගඋත්තරකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ හඬ පටයක් ප්‍රචාරය විම තුලින් බව පැමිණිලිකාර වෛද්‍ය ජයතිස්ස මහතා පැවසීය.

මෙම ප්‍රකාශය තුළින් සිය කීර්තියට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක වන්දියක් සහ තමාට සිදුවූ මානසික හිංසනය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක වන්දියක් කරදෙන මෙන් ඉල්ලා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමෙන්  සඳහන් කර තිබේ.

Read more

Local News