ගෝනවල ප්‍රදේශයේ රිය අනතුරක් – තිදෙනෙක් මරුට

Share

මහනුවර මහියංගණ ප්‍රධාන මාර්ගයේ ‍ගෝනවල ප්‍රදේශයේදී ඊයේ (10) පෙරවරු 7.00 ට පමණ මෝටර් රථයක් යතුරු පැදියක ගැටී බස් නැවතුමක් වෙත කඩා වැදී  තිබේ.

සිදුවූ මෙම අනතුරින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබ මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් මියගිය එක් කාන්තාවක් තම දියණිය පාසලට ඇරලවීම සඳහා බස් නැවතුමට පැමිණ සිට ඇති අතර ඇගේ සත් හැවිරිදි දියණියත් මෝටර් රථයේ රියදුරුත් සිද්ධියෙන් තුවාල ලැබ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Read more

Local News