බන්දුලගෙන් මංගලට අභියෝගයක්

Share

තමා විසින් 2011 වසරේ සිට 2018  දක්වා ආදායම් බදු වශයෙන් රුපියල් 5012622ක් රජයට ගෙවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ  පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඒ අනුව 2011/12 වසර සඳහා රුපියල් 517919ක්ද, 2012/13 වසර සඳහා රුපියල් 704045ක්ද, 2013/14 වසර සඳහා රුපියල් 782154ක්ද, 2014/15 වසර සඳහා රුපියල් 714480ක්ද, 2015/16 වසර සඳහා රුපියල් 721115ක්ද, 2016/17 වසර සඳහා රුපියල් 808509ක්ද, 2017/18 වසර සඳහා රුපියල් 764400ක්ද ආදායම් බදු වශයෙන් ගෙවා තිබෙන බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

කිසිම දිනක තමාට විරුද්ධව ආදායම් බදු නොගෙවීම සම්බන්ධව කිසිදු නඩුවක් නොමැති බවත්, පසුගිය වසර 06 තුළ රජයට ගෙවූ ආදායම් බදු ලේඛනය ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අභියෝග කර සිටින බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Read more

Local News