සුපිරි මල්ලවපොර ශුරයාට ලේ පිළිකාවක්

Share

රෝමන් රෙයින්ස් විශේෂ නිවේදනයක් කරමින් තමන් ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බවට හෙළිකර තිබේ.

මේ හේතුවෙන් සිය විශ්ව ශූරතාව අත්හැරීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කළ අතර මෙය රෙස්ලිං ක්‍රීඩාවෙන් සදාකාලික සමුගැනීමක් නොවන බවත් එය රෝගය සුවවන තුරු පමණක් බවත් රෝමන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබිය.

මීට වසර 11 කට පෙර තමන්ගේ රෝගී තත්වය හඳුනාගනු ලැබුව ද එය මේ වනවිට උත්සන්න වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව තවදුරටත් රෙස්ලිං වලල්ලේදී තම රසිකයන්ට සාධාරණයක් ඉටුකිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Joseph Anoa ඔහුගේ සත්‍ය නම වන අතර WWE ඔහු ජනප්‍රිය වන්නේ Roman Reigns නමින් වන අතර ඔහු WWE ලෝක හෙවිවේට් ශූරතාව තුන්වරක් හා විශ්ව ශූරතාව එක් වරක් දිනාගැනීම විශේෂත්වයකි.

Read more

Local News