අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාරමීට රු25000 ක මාසික දීමනාවක්

Share

ආර්ජන්ටිනාවේ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මිටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (26)  තිළිණ ප්‍රදානයක් සිදු කරනු ලැ​බීය.

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී මළල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලාංකිකයෙකු පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වන අතර 2007 වසරේ දී ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ දී මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ලබා ගත් ලෝකඩ පදක්කමින් පසුව තරගාවලියක දී ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙකු ලද පළමු පදක්කම ද මෙයවේ.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන අැය දුෂ්කරතා මැද දක්ෂතා දැක්විම මුඵ රටටම ආඩම්බරයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇයට ලබා දෙන සුභාග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට  වසර  06 ක් යන තුරු මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද මෙහිදී සඳහන් කළේය.

අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් පසුව ඇයට මළල ක්‍රීඩා පිළිබඳව කෙන්යාවේ මාස 03 ක පුහුණුවක් ලබාදීමටත්, ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීමත් මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුවිය.

 

Read more

Local News