මහින්දට විශේෂ ආරක්ෂාවක් දෙන බව රනිල් කියයි

Share

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වන විටත් විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා වැඩ්දුරටත් පැවසුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටින කොළඹ විජේරාම නිල නිවස, මැදමුලන මෙන්ම කාල්ටන් නිවසට මේ වන විටත් විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා මේ බව පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

එසේම හිටපු ජනපතිවරයාගේ ජිවිතයට අරක්ෂාවක් නොමැතිනම් ඔහුගේ ආරක්ෂාව ඉහළ දැමිය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා වැඩ්දුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News