පාර්ලිමේන්තුවේ බහුතරයක් මහින්ද රාජපක්ෂට විරුද්ධයි

Share

”ශ්‍රිලංකා ජනරජයේ 42 වගන්තිය අනුව මම අගමැති විදියට ක්‍රියා කරනවා. පාර්ලිමේන්තුවේ බහුතරය අනුව මම අගමැති විදියට මගේ කටයුතු ක්‍රියාත්මක කරනවා.පාර්ලිමේන්තුවේ තමයි අන්තිම තීරණය තියෙන්නේ. මම විශ්වාසභංගය පරාජය කළා. ඒ නිසා මමයි අගමැති” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

”මේ රටේ ජනතාව අපේ පොදු අපේක්ෂකයාට ජන්දේ දුන්නා. පාර්ලිමේන්තුවේ බහුතරයක් මහින්ද රාජපක්ෂට විරුද්ධයි. අපිට බහුතරයක් තියෙනවා” අගමැති රනිල් මහතා වැඩ්දුරටත් පැවසිය.

අගමැතිවරයා මේ බව පැවසුවේ මිට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්ය.

 

Read more

Local News