රනිල් තවදුරටත් අගමැති නොවන බව ජනපති දන්වයි

Share

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපතිවරයා ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් අද(26) රාත්‍රයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැතිවරයා පත් කරන බවත්, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

Read more

Local News