නව අගමැති අද වැඩ භාර ගනී

Share

ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (29) නිල වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතය.

අද උදෑසන 11.00 ට අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී වැඩ බාර ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පැවසීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය (26) දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරනු ලැබුවේය.

මේ අතර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂවලට ගෞරවයෙන් ආරාධනා කරන බවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩ්දුරටත් පැවසීය. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමිනි.

Read more

Local News