තාමත් අගමැති රනිල් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් කියයි

Share

රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් පිළිගන්නා බව අද(30) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වී ඇත.

කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා හා බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා අතර ඇති වු සංවාදයකදී මෙම මතය ප්‍රකාශ වී තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ක්‍රියාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙසම පටහැනි බවත් එහෙයින් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් මෙහිදී හියුගෝ ස්වයර් මහතා පවසා තිබේ.

ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් මෙහිදී බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා ප්‍රශ්න කළ අතර නිසැක වශයෙන්ම තමා මේ පිළිබඳ අවධාරණය කරන බව හියුගෝ ස්වයර් පවසා ඇත.

මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බැවින් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස මෙහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණි.

මෙහිදී බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් වරයා අදහස් දක්වමින් කියා ඇත්තේ තමා ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන දැඩි අවධානයෙන් සිටින බවත්
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බවත්ය.

Read more

Local News