මහින්දට සහය දෙන්න සම්බන්ධන් බෑ කියයි

Share

ආණ්ඩුව පවත්වාගෙන යාමට සහාය ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

කෙසේ වෙතත් නව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණයක් ගෙන නොමැති බව සමිබන්දන් මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඊයේ (30) දින රාජපක්ෂ මහතාගෙන් ලැබුණු ආරාධනයකට අනුව හිටපු ජනාධිපති නිල නිවසට ගොස් ඔහු හමු වූ බවත්, එහිදී ආණ්ඩුවට සහාය දීම සම්බන්ධව කිසිදු එකඟතාවක් ඇති නොවූ අතර තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් සම්බන්ධන් මහතා පැවසීය.

Read more

Local News