සැකකරුවන් පිරිසක් පොලිසිය සමඟ ගැටුමක් – පොලිස් නිලධාරීන් 2ක් රෝහලට

Share

ගලේවෙල පහලවැව කිරලගොල්ල ප්‍රදේශයේ මත්කුඩු භාවිතා කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පිරිස සහ පොලිසිය අතර ගැටුමක් ඇති වී තිබේ.

මෙම ගැටුමේදී පොලිස් නිලධාරීන්ට පොලුවලින් පහරදීමක් සිදුකර අැත.

එම ගැටුමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා දඹුල්ල හා ගලේවල රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් පිරිසක් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ද වාර්තා වෙයි.

පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගලේවෙල පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Read more

Local News