යෞවන සමාජ තරුණ,තරුණියන් සඳහා රක්ෂණාවරණයක්

Share

දිවයින ජුරා විසිරී සිටින යෞවන සමාජ තරුණ,තරුණියන් සඳහා රක්ෂණ ආවරණයක් ලබා දීමට ජාතික තරුණ සේවා සභාව පියවර ගෙන ඇත. වසර දෙකකට වඩා වැඩි කාලයක් කේෂත්‍රයේ නිරතවූ සාමාජික,සාමාජිකාවන්ට මෙම රක්ෂණ ආවරණය ලබා දෙති.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති,අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ උපදෙස් පරිදි මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී හදිසි යෞවන සමාජි සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්වුවහොත් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීමට රක්ෂණ යෝජනා ක්‍රමය මගින් සිදු කර ඇත.

ඉතිහාසයේ පළමුවරට මෙවැනි රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලැබේ.

Read more

Local News