වත්මන් දේශපාලන තත්ත්වය මත පාර්ලිමේන්තුව කැඳවනවා

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් ඊයේ (31) පැවැත්විණි.

එහිදි පවතින දේශපාලන තත්ත්වය යහපත් වුවොත් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායක කරු ජයසූරිය මහතාට ප්‍රකාශ කර තිබේ.

තවද රටේ පවතින අස්ථාවරභාවය පිළිබඳ හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වන බලපෑම් පිළිබඳ ජනාධිපතිවරයා හා කථානායකවරයා අතර දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම ලබන 05 වැනිදා හෝ 06 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා පසුව ඒ පිළිබඳ දැනුම් දෙන බවට කථානායකවරයාට පවසා තිබේ.

Read more

Local News