ප‍්‍රසන්නගේ විදෙස් ගමන් තහනම ඉවතට

Share

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරිමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ මන්ත‍්‍රිවරයා සහ ඔහුගේ බිරිද ඇතුලු තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීය.

ප‍්‍රසන්න රණතුංග මහතාට ලබන 5 වනදා සිට 11 වනදා දක්වා චීනයේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයකට සහභාගීවීමට අවශ්‍ය බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව අදාල කාලයට විදේශ ගතවීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩුව ලබන ජනවාරි 17 වනදා කැදවීමට තීරණය කළේය.

බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍යවරයාව සිටියදී ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ලද චෝදනා යටතේ ප‍්‍රසන්ත රණතුංග මන්ත‍්‍රිවරයාට ඒරෙහිව මෙම නඩුව ගොනු වි අැත.

Read more

Local News