පැරිසියේ චොකලට් විලාසිතා

Share

ප්‍රංශයේ පැරිස් නුවර චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ විලාසිතා දැක්මක් පසුගියදා පැවැත්විණි.

පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංවිධාන කර තිබුණි.

වාර්ෂික පැරිස් චොකලට් වෙළඳ ප්‍රදර්ශනය මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන අතර ලොව විශාලතම චොකලට් ප්‍රදර්ශන අතරින් එකක්ද වන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 24වන වරටයි.

ප්‍රදර්ශනය නොවැම්බර් 4වන දින දක්වා දින පහක කාලයක් පැවැත්විමට නියම්තය.

එහි ආරම්භය සනිටුහන් කරමින් පැවැත්වූ චොකලට් ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News