මිදුලට අා මාරයා දුව බලා සිටියදී මව රැගෙන යයි

Share

අනුරාධපුර පුත්තලම මාර්ගයේ ළිඳවැව ප්‍රදේශයේ දී මවක්‌ සහ දියණියක්‌ වෑන්රථයක ගැටීමෙන් විසිහත් හැවිරිදි මව මියගොස්‌ ඇතැයි නොච්චියාගම පොලිසිය පවසයි.

ඊයේ (01 දා) දහවල් 12.30 ට පමණ සිදුවූ අනතුරින් මෙලෙස මියගොස්‌ ඇත්තේ ළිඳවැව ප්‍රද්ශයේම පදිංචි තක්‌ෂිලා මධුසරණි දිසානායක නමැති දෙදරු මවකි. මව සහ දියණිය ළිඳවැව දේවාලය අසල වූ තම නිවස ඉදිරිපිට මිදුලෙහි සිටියදී අධික වේගයෙන් පැමිණි වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන මවගේ සහ දියණියගේ ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

වයස අවුරුදු එකයි මසක්‌ වයසැති දියණියද සමඟ තම වැඩිමල් දරුවා පෙර පාසල් ඇරී නිවසට එනතුරු නිවස ඉදිරිපිට රැඳී සිටියදී මෙම අනතුර සිදුව ඇත.

නොච්චියාගම රෝහල වෙත ඇතුළත් කර ඇති තුවාල ලැබු මව සහ දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කරන අවස්‌ථාවේදී මව මියගොස්‌ ඇති බවත්, දියණිය අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read more

Local News