ආණ්ඩුවට එක් වෙන්න මිලියන 500යි කැබිනට් ඇමැති කමකුයි දෙන්නම් කිව්වා – රංගේ බණ්ඩාර

Share

ආණ්ඩුවට එක් වීම සඳහා තමන්ට කැබිනට් අමත්‍ය ධුරයක් හා ඩොලර් මිලියන 2.8 ක් ලබා දීමට තැත් කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර කියයි.

ඔහු මේ බව සඳහාන් කළේ අද (02) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවැසීය.

‘ඔවුන් මට රුපියල් මිලියන 500ක් ලබා දීමට එකඟ වුණා. කොළඹ පිහිටි පන්සලකදී මෙම ගනුදෙනුව ඉවර කරන්න ඔවුන් මට කත කළා. නමුත් මම ඔවුන් ට කිව්වා මට මේ ගැන සලකා බලන්න පුලුවන් අදාල මුදල ආනමඩුවේ තියෙන මගේ නිවසට එවනවා නම් කියලා. ඔවුන් මට කිව්වා අද හවස මට දිවුරුම් දෙන්නත් පුලුවන් කියලා. මගේ දුරකතනයට පනිවිඩයක් එවමින් ඔවුන් දන්වා තිබුණා මට මුදල් හා කැබිනට් ඇමැති ධුරය කියන දෙකම ලබා දෙන්න පුලුවන් කියලා”

මහජන නියෝජිතයින් මිලදී ගනිමින් වර්තමානයේ ඇති වී තිබෙන මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල තර්ජනයක් බව රංගේ බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.

Read more

Local News