ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරගාවලිය අද අැරඹේ

Share

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිවා – රාත්‍රී තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලිය අද  (13) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. ඒ අනුව මෙම තරඟයේ සජීවී විකාශනය අද ‍ප.ව. 4.00 සිට සියත TV තුළින් නැරඹිය හැක.

රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කළ දිවා – රාත්‍රී ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ  ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ 7වැනි තැන සිට 6වැනි ස්ථානය දක්වා ඉහළට ගොස් ඇත.

පළමු එක්දින තරඟය පමණක් අද ඩුබායි හී පැවැත්වෙන අතර දෙවැනි හා තෙවැනි එක්දින තරඟ මේ 16 හා 18 දිනවල අබුඩාබී ෂියෙක් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේදී, සිවුවැනි හා පස්වැනි එක්දින තරග 20 හා 23 දිනවල සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

Read more

Local News